සූර්යාට කෘතගුණ සළකන තෛපොංගල් දිනය අදයි (වීඩියෝ)

සූර්යාට කෘතගුණ සළකන තෛපොංගල් දිනය අදයි (වීඩියෝ)

ජන 14, 2021

ලොව පුරා දෙමළ ජනතාව අද තෛපොංගල් දිනය සම සමරනවා.

මිනිසාගේ ජීවිතයට පදනම සපයන කෘෂිකාර්මික කටයුතු සඳහා සූර්යා විසින් ඉටු කරනු ලබන මෙහෙය සිහිපත් කරමින් ඊට කෘතගුණ දැක්වීම මෙම උත්සවයේ අරමුණයි.

මේ උත්සවයේ දී හින්දු කොවිල්වල විශේෂ පුද පූජා පවත්වා අනතුරුව සූර්ය දෙවියන් උදෙසා පූජා පවත්වනු ලබනවා. තෛපෝංගල් දිනයේ දී දෙමළ ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සිදු කෙරුණු කුඔුරුවල පොංගල් සාදා එය පළමු කොට සූර්යයා වෙනුවෙන් පූජා කිරීම සිදු කෙරෙනවා. තම අස්වැන්න සාර්ථක කර ගැනීමට උපකාර කළ සූර්යයා වෙනුවෙන් කෘතගුණ දැක්වීමේ අරමුණින් මෙලෙස පළමු අස්වැන්න සූර්ය දෙවියන් සඳහා පූජා කිරීම් විශේෂත්වයක්.

නිවෙස් ඉදිරිපිට කිරි උතුරුවා, කිරිබත් සාදා එය ද සූර්ය දෙවියන් වෙනුවෙන් පූජා කෙරෙනවා. අලුත් ඇඳුමින් සැරසී කෝවිල් වෙත ගොස් පූජාවලට සහභාගි වීමෙන් අනතුරුව සිය නෑ හිත මිතුරන් වෙනුවෙන් නිවෙසේ භෝජන සංග්‍රහ පැවැත්වීම දෙමළ ජනතාවගේ සුවිශේෂී චාරිත්‍ර අතරට අයත්.

YouTube video
Last modified on සිකුරාදා, 15 ජනවාරි 2021 04:35

Related items

  • තෛපොංගල් දිනය අදයි
  • තෛපොංගල් උත්සවය අදයි
  • විපක්ෂ නායකවරයාගේ තෛපොංගල් දින පණිවුඩය (වීඩියෝ)
  • අග්‍රාමාත්‍ය තුමාගේ තෛපොංගල දින පණිවුඩය (වීඩියෝ)
  • හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් දිනය අදයි (වීඩියෝ)
ක්‍රිකට් නායක විරාත් කෝලි පිය පදවිය ලබයි ඉපැරණි ලෝකඩ වළලු සහ ඉල ඇට ආදිතම මුදල් වශයෙන් යොදාගත් බවට අනාවරණයක්

Latest News

23e3f038dd01f81919bf8670a6cb25b5 Generic

RCB පිටියේ වැඩ පෙන්වයි

අප්‍රේ 08, 2025

853bdeb279b374e842422313f4e63b87 Generic

ඉන්දුනීසියාව සෙළවෙයි

අප්‍රේ 08, 2025

1dfaef7c3a401716a6f895c0a1334050 Generic

ගන්දර වෙඩිතැබීමට සැකකරුවන් 02ක් පොලීසියට භාරවෙයි

අප්‍රේ 08, 2025

57145b6072c90b7d688828b7a5003de4 Generic

වසරේ සම්මානනීය නාලිකාවේ අභිමානය සමගින්, ජාතික රූපවාහිනියට රයිගම් ටෙලිස් සම්මාන 12ක්

මාර් 30, 2025

265c0935061b7284447107ff85238eb6 Generic

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදයක්

මාර් 28, 2025

1e92c603ad3eed269b2d90456cda3d3c Generic

ප්‍රදේශ රැසකට ලොකු වැස්සක්

මාර් 28, 2025