ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිශතය අද (16) පස්වරු 04.30 වන විට 75% ඉක්මවා තිබු බව මැතිවරණ කොමිෂන් සභාවේ සහකාර මැතිවරණ කොමසාරිස් ශ්‍රියාන් යාපා බොරලැස්ස මහතා පවසයි.
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා 60, 000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරනවා.
ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් පැමිණෙන බවට ගෙන යන ප්‍රචාරවල කිසිඳු පදනමක් නැතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලින් තහවුරු වෙයි. එම දත්ත අනූව පෙන්නුම් කෙරෙන්නේ, සුවිශේෂ කාර්ණාවක් සේ සලකා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේ වර්ධනයක් සිදුව නැති බවයි.
තිරිගු පිටි මිල ඉහළ දැමීමට නියමිත බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ඒ අද (15) මාතර දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින්.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා පොලීසියේ මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 1,400ක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
මැතිවරණ දිනයේ ඇලවීම සඳහා සූදානම් කර තිබූ මඩ පෝස්ටර් තොගයක් හලාවත,මාදම්පේ ප්‍රදේශයේ නිවසක තිබිය දී අද උදෑසන (15) පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ 8වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අද සිදු කෙරේ. ඒ මෙරට 7වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහායි.
ඡන්ද අත්පත්‍රිකා සමඟ සැකකරුවෙක් දුම්මලසූරිය පොලිස් වසමේ වීරකොඩියාන ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මැතිවරණ රාජකාරී සඳහා ලංගම බස් රථ 5,800ක් සූදානම් බව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) සී.එච්.ආර්.ටී.චන්ද්‍රසිරි මහතා පවසයි. මීට අමතරව, ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා බස් රථ රැසක් ද ධාවනයට එක් කර ඇති බවයි, ඔහු පවසන්නේ.
ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 35 දෙනාට අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.