නිරෝධායන නීතිකැඩූ 1,411 දෙනෙකු අත්අඩංගුවට

ජූනි 16, 2021

ගත වූ පැය 24 තුළදී නිරෝධායන රෙගුලාසි කඩකළ පුද්ගලයින් 1,411 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ පසුගිය වසරේ මාර්තු 18 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙය වන බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

පසුගිය ඔක්තොම්බර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 35,360 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Related items

  • නිරෝධායන නීති කැඩූ තවත් 1083ක්
  • නිරෝධායන නීති කැඩූ තවත් 667ක්
  • නිරෝධායන නීති කැඩූ තවත් 186ක්
  • එන්නත් මාත්‍රා 02ක ලබා ගෙන විදේශගතව සිට එන පිරිස් නිරෝධානයෙන් නිදහස්
පාරිභෝගිකයින්ට සැඟවූ ගෑස් සිලින්ඩර් 27ක් නිලධාරීන් විසින් එළියට සංචරණ සීමා මැද හෙරොයින් පැකට් කළ සැකකරු අල්ලයි

Latest News