ක්ෂය රෝගය හිස ඔසවයිද?

සැප් 20, 2024
පසුගිය වසරේ වාර්තා වු ක්ෂය රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා.

ඉන් සියයට 25ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

කොළඹ මහනගර සභා සීමාව තුළින් පමණක් වාර්තා වූ ක්ෂය රෝගින් සංඛ්‍යාව ඉන්දියාව සහ බංග්ලාදේශයට සමානවී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය සඳහන් කළා.
 
වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණනයක් පිරිමි පුද්ගලයන් වන අතර දුම්පානය, මත්පැන් පානය කිරීම ඊට හේතුවී ඇති බවද එම මහත්මිය වැඩිදුරටත් පැවසුවා.

Related items

Latest News