"පාස්කු ප්‍රහාරය ගැන මම IGPට කිව්වා එයා මේක සීරියස් ගත්තේ නැහැ" - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ (වීඩියෝ)

අගෝ 21, 2020

ැපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර දින ‘හෙට ගහනවා‘ යැයි තමන් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කළ ද ඔහු එම තොරතුර බැරෑරුම් ලෙස නොසැලකූ බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (20) 15 වන දිනටත් සාක්ෂි ලබාදෙමිනි.

පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙරදින එනම් අප්‍රේල් මස 20 දින දහවල් 12.30ට සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් රැඳී සිටින ස්ථාන පිළිබඳ ව තමන් පොලිස්පතිවරයාට වාර්තාවක් යැවු බව එහිදී නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අදාළ වාර්තාවේ පිටපතක් එදිනම අපාරධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාට ද යොමුකළ බව නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේය.

අදාළ ලේඛනය එවන ලද බව පොලිස්පතිවරයාට දුරකථනයෙන් දැනුම්දුන්නේ දැයි මෙහිදි ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරයෙකු ප්‍රශ්න කළ අතර එහිදි සාක්ෂිකරු කියා සිටියේ එලෙස දුරකථන ඇමතුමකින් දැනුවත් නොකළ බවය.

මෙහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අප්‍රේල් 20 වන දින යළි පුර්ව දැනුවත් කිරීමේ තොරතුරක් ලැබුනේද යන්නය.

එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ අප්‍රේල් 20 දින තමන්ට තොරතුරුකරුවන් දෙදෙනෙකුගෙන් අප්‍රේල් 21 හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායී තොරතුරු ලැබුණු බවය.

ඒ අනුව අප්‍රේල් 4 දින මුල්වරට ප්‍රහාරය පිළිබඳ පුර්ව දැනුවත් කිරීමක් සිදුකළ විදෙස් බුද්ධි අංශයක තොරතුරුකරු අප්‍රේල් 20 දින ප.ව 4.12ට තමන්ට “Whatsapp“ පණිවුඩයක් යොමු කරමින් අප්‍රේල් 21 හෝ ඊට පෙර ඕනෑම වෙලාවක සහරාන් හෂිම් ප්‍රමුඛ ඔහුගේ අනුගාමිකයින් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් ඇති බවට පුර්ව දැනුවත් කිරීමක් සිදුකළ බව ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

පසුව අදාළ Whatsapp පණිවුඩය ප.ව 4.53ට එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාටද, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරතන යන මහත්වරුන්ට ද, යොමුකළ බව නිලන්ත ජයවර්ධන මහතා පැවසීය.

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තමන් විසින් යවන ලද පණිවුඩයට “Well Received“ යනුවෙන් පිළිතුරක් යොමු කළ බවද, ජයවර්ධන මහතා සාක්ෂිදෙමින් සඳහන් කළේය.

මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ 21 වෙනි දාට පෙර ඕනෑම අවස්ථාවක ප්‍රහාරයක් එල්ල විය හැකි බව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කළේද යන්නය.

තමන් ඒ පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කළ අවස්ථාවේ " නිලන්ත ඕක නන්දනට කියන්න" යනුවෙන් පමණක් පොලිස්පතිවරයාගෙන් පිළිතුරු ලද බව නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස්පතිවරයා විසින් තමන් ලබාදුන් පණිවුඩයේ බැරෑරුම් බව තේරුම් නොගත් නිසා තමන් ආරක්ෂක ලේකම්වරයා අමතා " සර්, මම IGP ට කිව්වා. එයා මේක Serious ගත්තේ නැහැ. කරුණාකරලා සර් IGPට කියන්න" යනුවෙන් දැනුම්දුන් බවය.

මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික විනිසුරුවරයා යළි ප්‍රශ්න කර සිටියේ "ඔබ පවසන ලෙස ඔබ විසින් දිගටම තොරතුරු සපයලාත්, මේක වළක්වා ගැනීමට කටයුතු නොකළා කියන එකට, ආරක්ෂක කවුන්සලය වගකියන්න ඕනේ කියන එකද ඔබ කියන්නේ," යනුවෙනි

එයට පිළිතුරු ලෙස ජයවර්ධන මහතා පැවසුවේ තමන් මෙම ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම කිසිවෙකුට නොපවරන බවය.

එසේ සඳහන් කළ නොහැකි බවත් කවුරුන් හෝ වගකිම බාරගත යුතු බවත් කොමිසමේ සමාජික විශ්‍රාමික විනිසුරුවරයා යළි කියා සිටියේය.

“මේ අය වගකිව යුතුයි කියලා මතයක් ඉදිරිපත් කරන්න මම කැමති නැහැ. කොමිසම තීරණය කරන්න මම වගකිවයුතු ද, අනිත් අය වගකිවයුතුද කියලා. මම කියන්නේ කවුරුන් හෝ වගකීමක් බාරගත්තොත් ඒ රස්සාව හරියට කරන්න ඕනේ කියන එක. ඔක්කොම එකතුවෙලා කියනවානම් පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය විසින් නිවැරදිව බුද්ධි තොරතුරු ලබාදුන්නේ නැහැ කියලා. මගේ නිර්දෝෂිභාවය වෙනුවෙන් කෙළින් හිටගෙන සාක්ෂි ඉදිරිපත් කරන්න මම සුදානම්“ එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා පැවසීය.

YouTube video
Last modified on සිකුරාදා, 21 අගෝස්තු 2020 20:11

Related items

හෝමාගම ප්‍රාදේශීයසභා සභාපතිවරයාගේ ධුරය අත්හිටුවන්නැයි පෙත්සමක් කොවිඩ් 19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,765ක්

Latest News

23e3f038dd01f81919bf8670a6cb25b5 Generic

RCB පිටියේ වැඩ පෙන්වයි

අප්‍රේ 08, 2025

853bdeb279b374e842422313f4e63b87 Generic

ඉන්දුනීසියාව සෙළවෙයි

අප්‍රේ 08, 2025

1dfaef7c3a401716a6f895c0a1334050 Generic

ගන්දර වෙඩිතැබීමට සැකකරුවන් 02ක් පොලීසියට භාරවෙයි

අප්‍රේ 08, 2025

57145b6072c90b7d688828b7a5003de4 Generic

වසරේ සම්මානනීය නාලිකාවේ අභිමානය සමගින්, ජාතික රූපවාහිනියට රයිගම් ටෙලිස් සම්මාන 12ක්

මාර් 30, 2025

265c0935061b7284447107ff85238eb6 Generic

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදයක්

මාර් 28, 2025

1e92c603ad3eed269b2d90456cda3d3c Generic

ප්‍රදේශ රැසකට ලොකු වැස්සක්

මාර් 28, 2025