යටිතල පහසුකම් සංවර්ධනයට සෑම වසමකටම රු.ලක්ෂ20ක්...ඇමති බන්දුල

ජන 27, 2020

මෙරට සෑම ග්‍රාම නිලධාරී වසමකම සුළු පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මේ වසර තුළ රුපියල් ලක්ෂ 20 බැගින් ලබාදෙන බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

බිම් මට්ටමේ සිටම කිසිඳු බේදයකින් තොරව රටේ දියුණුවට හා ජනතාවට සුබසාධනයට පියවර ගන්නා බවයි, අමාත්‍යවරයා කියා සිටින්නේ. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, දුන්කළහේන ප්‍රධාන මාර්ගයේ නෝනාවත්ත ඇල මාර්ගය හරහා ඉදි කෙරුණු නව පාලම විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 29ක්. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පාලම් ව්‍යාපෘතිය යටතේයි, මෙය ඉදි කෙරුණේ.

Last modified on සදුදා, 27 ජනවාරි 2020 11:06

Related items

  • ජනතා ගැටළුවලට විසඳුම සංවර්ධනය පමණි - ජනපති
  • වියත්මග නියෝජිතයෝ පළාත් සංවර්ධනයට සැරසේ
  • සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට ප්‍රජා පාදක ගම්මාන 07ක්
  • කන්කසන්තුරේ - ගාල්ල වරායේ සැබෑ වෙනසක්
IDH රෝහලට ඇතුළත් කළ සිව් දෙනාට කොරෝනා වෛරසය වැළඳී නැතැයි MRI තහවුරු කරයි රියදුරු බලපත්‍ර - වෛද්‍ය පරීක්‍ෂණයට දින වෙන් කරගැනීම අද සිට “online“ ක්‍රමයට

Latest News