යුද හමුදාවේ 314 කට උසස්වීම්

ඔක් 10, 2023
ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස්වීම් ලබා දී තිබෙනවා.
 
ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන්.
 
ඒ අනුව, මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක් (මේජර්වරුන් ඇතුළුව) ලුතිනන්වරුන් 84 දෙනෙකු කපිතාන් නිලයට (ක්වාටර් මාස්ටර් ඇතුළුව) සහ දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙකු ලුතිනන් (සාමාන්‍ය බලසේනාව සහ ස්වේච්ඡා බළකා) නිලයට උසස් කර ඇත.
දෙදෙනෙකුට මරු කැඳවූ STF ඩිපෙන්ඩර් අනතුර දකුණේ පාසල් හෙට සිට යළි විවෘතයි

Latest News