තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් අද දිවයිනට

මැයි 25, 2021

චීන රජය විසින් ප්‍රදානය කෙරෙන සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද (25) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිතයි.

ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ, එම එන්නත් මාත්‍රා හෙට සිට එන්නත්කරණ වැඩසටහනට යොදා ගන්නා බවයි.

එම එන්නත් මාත්‍රා කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Last modified on අඟහරුවාදා, 25 මැයි 2021 11:04
රත්නපුරයට සුළු ගංවතුර අවදානමක් මෙරටින් තවත් කොවිඩ් මරණ 33ක්..

Latest News