ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින් - මහනුවර 170ක්

දෙසැ 06, 2020

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 669 දෙනෙක් හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 204ක් ලෙසයි. ඊට අමතරව මහනුවර ප්‍රදේශයෙන් ආසාදිතයින් 170ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11ක් වාර්තා විය.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට හා පෑලියගොඩ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 23,670ක් වෙයි. ඉන් පුද්ගලයින් 16,682ක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

මහනුවර තවත් සුළු භූ කම්පන කිහිපයක් හිටපු අමාත්‍ය ටී බී ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

Latest News