ලෙබනනය නව ජාතික සමගි රජයක් පිහිටුවයි

පෙබ 01, 2019

ලෙබනනයේ නව ජාතික සමගි රජයක් පිහිටුවාගෙන තිබේ.

ඒ අනූව, මාස 9ක් පුරා පැවති දේශපාලන අස්ථාවරත්වය නිමාවනු ඇති බවයි, වාර්තා වන්නේ. ලෙබනන අග්‍රාමාත්‍ය සාද් අල් හරීරි, තෙවැනි ධුර කාලය සඳහා තේරී පත්ව සිටියි. ඔහු ප්‍රකාශ කළේ, නව පරිච්චේදයකින් යුතුව රාජකාරී ඇරඹීමට කාලය එළඹ ඇති බවයි.

නව රජයේ කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විතයි. කාන්තාවන් සිව් දෙනෙකු ද ඊට ඇතුළත්. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය මුල් වරට කාන්තාවකට හිමිව තිබීම ද විශේෂත්වයක්. අග්‍රාමාත්‍ය හරීරිට එල්ල වන ප්‍රධානතම අභියෝගය වන්නේ ලෙබනනයේ ආර්ථිකය ඉහළ නැංවීමයි.

Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 13:46

Related items

  • ලෙබන‍නයේ දෙපිරිසක් අතර ගැටුමක්
  • ලෙබනනයේ සරණාගත කඳවුරක ඇති වූ ගැටුමකින් 7ක් මරුට
  • ලෙබනනයේ ජනාධිපතිවරයෙකු තෝරා පත්කරගැනීම යළි කල් යයි
  • ලෙබනනයේ රජය ඉල්ලා අස්වෙයි
  • ලෙබනන් රාජ්‍ය සඳහා පිටත්වීමට අපේක්ෂිත ශ්‍රමිකයින් සඳහා නව රෙගුලාසි

Latest News