අමෙරිකාවේ ලැව්ගින්නෙන් මියගිය ගණන 33ක්

සැප් 14, 2020

අමෙරිකාවේ බටහිර වෙරළ තිරය ආශ්‍රිතව ඇතිවූ ලැව්ගිනිවලින් මියගිය පිරිස 33 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඇතැම් ප්‍රදේශවල ඇති විය හැකි දැඩි ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් එරට ජාතික කාලගුණ සේවය රතු ධජ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි, වාර්තා වන්නේ. වියළි කාලගුණික තත්වය සහ අධික සුළං ප්‍රවාහන හේතුවෙන් ලැව්ගිනි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතයි.

ඔරිගන්,කැලිෆෝර්නියා ප්‍රාන්ත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් ලැව්ගිනි හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති බවයි, වාර්තා වන්නේ. ඉකුත් සතිය තුළ ඔරිගන් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් දස දෙනෙක් මියගොස් තිබේ. තවත් පිරිසක් මේ වන විට අතුරුදන්ව ඇති බැවින්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි, බලධාරීන් පවසන්නේ.

Last modified on සදුදා, 14 සැප්තැම්බර් 2020 10:43
දකුණු ආසියානු රටවල කොරෝනා ආසාදිතයන් වර්ධනය වීමේ අවදානමක් දේශගුණික අර්බුදයෙන් කෝටි 120ක් අවතැන්

Latest News