පළමු අවසන් පූර්ව තරගය 09 වැනිදා

නොවැ 06, 2022

2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පකිස්ථානය හා නවසීලන්තය අතර 09 වැනිදා සිඩ්නි හිදී පැවැත් වේ.

සුපිරි 12 වටයේ නවසීලන්තය මුහුණ දුන් තරග 5න් 3ක ජය හිමි කරගත් අතර එංගලන්තය හමුවේ පරාජයට පත් වුනා. ඔවුන් දළ ලකුණු 2.113ක් ලබා පළමු කාණඩයේ මුල් තැනට පත් වුනා.

පකිස්ථානු කණඩායම සුපිරි 12 වටයේ තරග 3ක් ජය ගත් අතර ඉන්දියාව සහ සිම්බාබ්වේ හමුවේ පරාජය වුවත් දළ ලකුණු 1.028ක් ලබා දෙවන කාණ්ඩයේ දෙවන ස්ථානය හිමි කරගත්තා.

දෙරට අතර අවසන් වරට පැවැත්වූ තරග 5න් 4කම ජය පකිස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

ඉන්දියාව අවසන් පූර්ව වටයට දවසේ තරුව හෙට අධිකරණයට

Latest News