T 20 තරගාවලියට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරටට

ජූනි 02, 2022

ශ්‍රී ලංකාව සමග 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියේය.

තරගාවලිය ආරම්භ කෙරෙන්නේ, ලබන 7 වැනිදායි. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් පළමු පිරිස ඊයේ පස්වරු 5.00ට පමණ මෙරටට පැමිණි අතර, අනෙක් පිරිස ළගා වූයේ රාත්‍රී 10.30ට පමණ.

දෙරට අතර 20-20 ක්‍රිකට් තරගාවලියට තරග 3ක් ඇතුළත්. පළමු තරග දෙක ලබන 7 සහ 8 දෙදින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අනෙක් තරගය ලබන 1 වැනිදා පැවැත්වෙන්නේ, පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

ඒරන් ෆින්ච්, ඔස්ට්‍රේලියානු 20-20 කණ්ඩායමේ නායකත්වය දරන අතර ෂොන් ඇබට්, ඇෂ්ටන් ඒගර්, ජායි රිචඩ්සන්, කේන් රිවඩ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මාකස් ස්ටොයින්ස්, මිචෙල් ස්වෙප්සන්, ඩේවිට් වෝනර් සහ මැතිව් වෙඩ් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්.

Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූනි 2022 18:38

Related items

  • T20 පළමු තරගයේදී ඔස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්
  • 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමේ
  • T20 කාන්තා; 2වැනි තරගයේ ජය කොදෙව්වන්ට
  • තෙවැනි T20 තරගයෙන් ඉන්දියාවට ලකුණු 78ක ජයක්
ඔස්ට්‍රෙිලියානු ක්‍රිකට් සංචාරයෙන් මෙරටට ඇ.ඩො. මිලියන 2.5ක්.... ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර හෙට (03) නිකුත් කෙරේ...(වීඩියෝ)

Latest News