මගීන් සමඟ ජල පහරකට ගසාගෙන ගිය බස්රථයක් බෙරා ගනි (විඩියෝ)

දෙසැ 21, 2019

පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ දී ජල පහරට හසුව ගසා ගෙන ගිය පෞද්ගලික බස් රථයක් ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්විමෙන් බෙරාගෙන තිබේ.

මාදුරුඔය සිට කොළඹට පැමිණි මෙම පෞද්ගලික බස් රථය පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ දී එකවර ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇත.

කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් සහ කාන්තාවන් ඇතුළු 54 දෙනෙකු එම අවස්ථාවේ දී බස් රථය තුළ සිටි බව වාර්තාවේ.

එ අනුව කඩිනමින් ක්‍රියාත්මක වු පොලීසිය, යුධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් එක්ව බස් රථය බේරා ගැනීමට සමත්ව ඇත. එහි සිටි කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදු නොවු බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

 

YouTube video
Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 17:42
තිස්සමහරාමයේ වැව් වාන් දැමීම අරඹයි: ප්‍රදේශ ගණනක් ජලයෙන් යටවේ රට සංවර්ධනයේ අඩිතාලම පොඩි මිනිසුන් නඟා සිටුවීම; මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි (වීඩියෝ)

Latest News