කේරළ ගංජා කිලෝග්‍රෑම් අසු තුනක් නාවික හමුදා භාරයට

නොවැ 09, 2019

නාවික හමුදාව චුන්දිකුලම් වෙරළ ප්‍රදේශ‍යේ සිදු කළ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් අසු තුනක් (83) ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

උතුරු නාවික විධානයේ සෙබලුන් චුන්දිකුලම් වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද පාමුර සංචාරයකදී වෙරළට ගොඩගසා තිබු සැක කටයුතු පාර්සල් කිහිපයක් නිරික්ෂණය කර ඇති අතර, ඒවා පරික්ෂාවට ලක් කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත.

මෙලෙස සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය නාවික හමුදා බාරයට ගන්නා ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා පලාලී, පොලිසිය වෙත භාරදෙන ලදී.

දඹුල්ල ලුණූ නිෂ්පාදනයේ ප්‍රමුඛ ප්‍රදේශයක් කරනවා- ගෝඨාභය වාහන තුනක් එකට ගැටී 3ක් රෝහලේ

Latest News