මහින්දානන්දට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජන.16

ඔක් 28, 2019

මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මස 16 වන දා දක්වා තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නියෝග කර සිටියේ මෙම නඩුව ජනවාරි මස 16 සහ 17 වැනිදා යන දිනවල විභාගයට ගන්නා බවයි. එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද සාක්ෂිකරුවන්ට විනිසුරුවරයා අවවාද කළේය.

ඉකුත් රජය සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකර කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

 
Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 11:10
රටේ නීතිය තවදුරටත් උපරිමයෙන් ආරක්ෂා කරන්න සජිත්ගේ ජය තහවුරු කරන්න..අගමැති (වීඩියෝ) මල් වෙඩිල්ලක් පත්තුවී සිව්දරු පියා මරුට

Latest News