විල්ගමුව - දෙදෙනෙකු බෝට්ටු සමඟ අතුරුදන් (ඡායාරූප)

නොවැ 23, 2018

මාතලේ - විල්ගමුව   ප්‍රදේශයේ  මහවැලි ගගේ වැලි කැණීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

ඊයේ රාත්‍රී සිටි ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මොවුන් ගමන් ගත් බෝට්ටු සමග ගසාගෙන යන්නට ඇති බවයි, පොලීසිය ප්‍රකාශ කරන්නේ.

මේ වන විට අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ද මාතලේ ආපදා කළමනාකරණ ප්‍රධානි චමින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ධාරානිපාත වර්ෂාවත් සමඟ නිවාස 25 ක් පමණ ජලයෙන් යටව එක නිවසක් සම්පුර්ණයෙන් කඩා වැටි තවත් නිවාස කීපයකට අර්ධ වශයෙන් හානිවී තිබේ .

Last modified on සිකුරාදා, 23 නොවැම්බර් 2018 10:29

Related items

  • අතුරුදන්වූ ඝානය වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් උතුරේ උපහාරයක් (වීඩියෝ)
  • තරුණයින් 11 ක් රදවා සිටි ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුර අද සිට විශේෂ පරීක්ෂාවකට අධිකරණයෙන් අවසර
  • බේරුවලින් මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්
  • ගලබොඩ ඇල්ලේ අතුරුදන්වූ සිසුවා සොයා මෙහෙයුම්
තීරණයකින් තොරව පක්ෂ නායක රැස්වීම අවසන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවෙන් පිටව යයි (සජීව දර්ශන)

Latest News