එරන්ද වැලිඅංගේ හෝමාගම UNP ප්‍රධාන සංවිධායක ධූරයට

අගෝ 18, 2019

නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ඇත.

අද (18) දින අරලියගහ මන්දිරයේදී පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැලිඅංගේ මහතා වෙත බාර දෙනු ලැබිණ.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් ද සහභාගිවී සිටියහ.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වසර හතරකට අධික කාලයක් කටයුතු කරන ඔහු ජාතික වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයාදවේ.

ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවන එරන්ද වැලිඅංගේ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ සහ නලින් ලද්දූවහෙට්ටි යටතේ කණිෂ්ඨ නීතීඥවරයෙකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී යොවුන්පුරය, ගමට කෝටියක්, යුතුකම, youth with talent වැනි විවිධ වැඩසටහන් හරහා දක්ෂතා පිරි තරුණ තරුණියන් වෙනුවෙන් විවිධ වූ ව්‍යාපෘතීන් ගණනාවක්ම ක්‍රියාත්මක කළේය.

Last modified on ඉරිදා, 18 අගෝස්තු 2019 13:51

Related items

  • රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් වීමේ තීරණයක් (වීඩියෝ)
  • එජාපය ආරක්ෂා කිරීම සඳහා තමන් ක්‍රියාමාර්ග රැසක් ගත්තා - පක්‍ෂ නායක රනිල්
  • UNP එකට අවශ්‍ය අලුතින් හිතන පිරිසක් - රනිල් වික්‍රමසිංහ (වීඩියෝ)
  • එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් අද ගත් තීරණය
නායකත්වයේ ඉනිමකින් ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් ලෝක කුසලාන ප්‍රථම ජය පොලීසියේ 31,500 ට උසස්වීම් වරම්

Latest News