මහින්දානන්ද නිදොස් කොට නිදහස්

අප්‍රේ 30, 2024
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ  මෙම චෝදනාව ඉදිරිපත් කර තිබුණා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

Related items

  • අමාත්‍ය නලින් රුවන් ජීවට සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි නඩුව අගෝස්තු 01
  • කාබනික පොහොර අඩංගු චීන නෞකාව ශ්‍රී ලංකාවෙන් ඉවත් වන බව දැනුම් දෙයි
  • පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කළ හැකියි
  • මහ කන්නයට අවශ්‍ය පොහොර ඔක්තෝබර් 12 සිට ගොවිජන මධ්‍යස්ථානවලින්

Latest News