ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනයට නව දුරකථන අංකයක්

ජන 06, 2024

ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළ මහජන ඇමතුම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

නව අංකය හඳුන්වා දී ඇත්තේ, ජාතික ඩෙංගු මර්දන ඒකකයයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ අද සිට මෙම දුරකථන අංකය ක්‍රියාත්මකයි. ඒ අනුව, දුරකථන අංකයට නිවාඩු දින ද ඇතුළුව පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ඩෙංගු රෝගය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මෙන්ම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට ද ඇමතිය හැකියි.

බහුදින යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය රැගෙන ගිය 06ක් කොටු යුක්තියේ මෙහෙයුමට තවත් 955ක් කොටු

Latest News