2023 ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15

ජූනි 15, 2023

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම් පත්‍ර කැඳවීම සිදුකෙරේ.

ජූලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබන බව ද කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් වන අතර ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ 2024 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු අවුරුදු 10 හෝ 10ට වැඩි අඩු ආදායම් සහිත සිසුන්ට පමණක් බව ද එම කළ නිවේදනයේ දැක්වේ.

අයදුම්පත් එවිය යුත්තේ මාර්ගගත ආකාරයෙන් වන අතර, අයදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳ ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන්ය.

වැඩිදුර විස්තර

දුරකථන අංක / /
ක්ෂණික ඇමතුම් - 1911
ෆැක්ස් අංකය -

Related items

  • ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින හා තෙවන වාරයේ අලුත් දින වකවානු
  • A/L, O/L සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට
  • උසස් පෙළට සහ පහ ශිෂ්‍යත්වට අයදුම්පත් කැඳවීමේ කාලය සැප්තැම්බර් 15 දක්වා
  • 2020 පහේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 ම ගත් සිසුන් දස දෙනා වෙත ශිෂ්‍යාධාර

Latest News