පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

මැයි 11, 2023
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 
ඒ අනුව, 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත් කෙටුම්පත මඟින් අහෝසි වීම සිදුවේ.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වුවහොත් පැරණි ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව වාර්තා වනවා.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

Related items

  • රාජ්‍ය අමාත්‍යාංශ 4ක විෂයපථ ගැසට් කෙරේ
  • අමාත්‍යාංශවල නව ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ
  • නව අමාත්‍යාංශයක් ගැසට් කෙරේ
  • ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයන් ගැසට් කෙරේ

Latest News