විදුලි ත්‍රි රෝද රථ සඳහා නියමු ව්‍යාපෘතියක් (වීඩියෝ)

අගෝ 26, 2022

ශ්‍රී ලංකාවේ භාවිත ත්‍රි රෝද රථ විද්‍යුත්කරණය හෝ නව විදුලි ත්‍රි රෝද රථ ආනයනය සම්බන්ධ නියමු ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගයෙන් ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මාධ්‍ය හමුවක් සංවිධාන කර තිබුණා.

මාධ්‍ය හමුවේ දී මේ වන විට රජය ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳවද අදහස් පළ කෙරුණා.

නියමු ව්‍යාපෘතියට එක් වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ට ඒ සඳහා අයඳුම්පත් යොමු කළ යුතු ආකාරය පිළිබඳවද පැහැදිලි කෙරුණා.

YouTube video player
Last modified on සිකුරාදා, 26 අගෝස්තු 2022 12:59
නැවත ඉන්ධන පෝලිම් ? රටවල් කිහිපයක ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කෙරේ

Latest News