කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

අගෝ 19, 2022

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (20) රාත්‍රී 11.00 සිට අනිද්දා (21) උදෑසන 9.00 දක්වා පැය 10 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව එම කාලසීමාවේදී කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයෙන බවයි, ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නි‍යෝජිත පිරිසක් ජනපති හමුවෙයි ඕස්ට්‍රේලියාවෙන් අතිරේක ඩොලර් මිලියන 25ක මානුෂීය ආධාරයක්

Latest News