අංක තහඩුවේ හැටියට වාහනවලට තෙල් දෙන්න යෝජනාවක්

ජූනි 23, 2022

සාමාන්‍ය රථවාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සදහා සතියේ දින හත වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දාත් 3, 4 සහ 5 අංක සහිත වාහනවලට අඟහරුවාදා සහ සිකුරාදා දිනත් ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

වාහන අංක තහඩුවේ අවසන් අංකය 6,7,8 සහ 9 නම් බදාදා, සෙනසුරාදා සහ ඉරිදා දින වෙන් කිරීමටයි යෝජනා කර ඇත්තේ.

කෙසේ වෙතත්, මෙය ක්‍රියාත්මක වීම ආරම්භ කෙරෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සදහා සතියකට හෝ මාසයකට අවශ්‍ය ඉන්ධන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගත හැකි වනවා.

 

Related items

  • පිරවුම්හල් කිහිපයක ඉන්ධන සැපයුම අත්හිටුවයි
  • දෛනික ඉන්ධන සැපයුම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
  • ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 40,000ක ඉන්ධන මෙරටට
  • කොළොන්නාවෙන් ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව
ඉන්දියාවෙන් ඉහළ පෙළේ දූත පිරිසක් දිවයිනට නීත්‍යානුකූලව මුදල් එවන විදේශගත ශ්‍රමිකයන්ට වාහන බලපත්‍රයක්

Latest News