රත්ගම ඝාතනයට;තවත් පොලීසියේ 2ක් රිමාන්ඩ්

මාර් 06, 2019

රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ(05) දිනයේ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් විශේෂ විමර්ශණ ඒකකයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු බව වාර්තා වෙයි.

ඒ අනුව අත්අඩගුවට ගත් එම පොලිස් නිලධාරීන් දෙදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට පොලිස් නිලධාරීන් 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.

වතුකරයට යවන ප්‍රමිතියක් නැති ආහාර තොගයක් වටලයි DIG නාලකට එරෙහි සාක්ෂි ප්‍රමාණවත් - නීතිපති අධිකරණයට කියයි (වීඩියෝ)

Latest News