ඉන්ධන සඟවා තිබියදී සොයා ගැනේ...(වීඩියෝ)

අප්‍රේ 14, 2022

ගාල්ල, තවලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන සඟවා තිබියදී, ඒවා සොයාගත් බව, පොලිසිය පවසනවා.

පොලිසියේ මැදිහත්වීමෙන් ඉන්ධන බෙදාහැරීම යළි ආරම්භ කෙරුණා. ගාල්ල, තවලම පිරවුම්හලේ ඉන්ධන පවතින අවස්ථාවක, ඉන්ධන නොමැති බව පවසා බෙදාහැරීම් කටයුතු නවතා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනතාව, පොලිසියට පැමිණිලි කර තිබෙනවා. පිරවුම්හලට ඊයේ දහවල් රැගෙන ආ පෙට්‍රල් ලීටර 10,000ක් අඩංගු බවුසරයක් ද තේ කර්මාන්ත ශාලාවක සඟවා තිබියදී, පරීක්‍ෂණ ආරම්භ වීමත් සමඟ රාත්‍රී කාලයේම පිරවුම්හල වෙත රැගෙන විත් තිබෙනවා. පසුව පිරවුම්හලට සීල් තබා ඇති අතර, පොලිසියේ මැදිහත්වීමෙන් ඉන්ධන බෙදාහැරීම සිදු කෙරුණා.

YouTube video player
Last modified on බ්‍රහස්පතින්දා, 14 අප්‍රේල් 2022 19:01
ඉන්දියාවෙන් තවත් අමෙ. ඩො. බිලි. 2ක මූල්‍යාධාරයක්.... අමෙ.ඩො.බිලි. 4ක් IMF ගැනීම අපේක්‍ෂිතයි; මුදල් අමාත්‍ය...

Latest News