ඇන්ටිජන් පරීක්ෂාවෙන් තවත් ආසාදිතයින් දෙදෙනෙක්

ඇන්ටිජන් පරීක්ෂාවෙන් තවත් ආසාදිතයින් දෙදෙනෙක්

ජන 07, 2021

මුව ආවරණ නොපැළඳ බස්නාහිර පළා‍ත තුල පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයින් සොයා සිදුකරන වැටලීම්වල දී ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 523 දෙනෙක්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගන ගෙන තිබේ.

මොවුන්ගෙන් 252කට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනාගෙන ඇත.

එමෙන්ම තවත් 271 දෙනෙක්ට පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර එහි වාර්තා තවමත් ලැබී නොමැත.

නව ආසාදිතයින් 522ක් ඊයේ දිනට වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 46,248 දක්වා ඉහළ ගොස් තිබේ.

Related items

  • ඇන්ටිජන් පරීක්ෂාවෙන් තවත් ආසාදිතයින් 103ක්
  • ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල තවදුරටත් ඇන්ටිජන් පරීක්ෂණ
  • කොළඹින් පිටවෙන බස්රථවලින් ආසාදිතයින් දෙදෙනෙක්
  • අහඹු ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත්
කොටහේන - කුරුඳුවත්ත හුදෙකලා තත්වයෙන් ඉවතට ලක්ෂ 20කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනේ

Latest News