තවත් ආසාදිතයන් 570ක් සුවය ලබයි

දෙසැ 11, 2020

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ්-19 ආසාදිතයින් 570 දෙනෙක් සුවය ලබා තිබේ.

ඒ අනූව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 22,831 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කෝපායි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 47 දෙනෙක්, කහවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 45 දෙනෙක්, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 38 දෙනෙක් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් 33 දෙනෙක් ලෙස රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් තිබේ.

ඉන් වැඩිම පිරිසක් කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 126ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ආසාදිතයින් 7,636 දෙනෙක් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.

පොලොන්නරුව වකුගඩු ප්‍රතිකාර රෝහල ලබන ජනවාරි මාසයේදී ජනතා අයිතියට Zscore අභියෝගයට ලක්කළ පෙත්සම සලකා බැලීම තවදුරටත්

Latest News