ආසාදිතයින් හඳුනාගැනීමේ නව ඇප් එක - කොළඹ විශ්වවිද්‍යාලයෙන්

ජූනි 20, 2020

කොවිඩ් - 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් විසින් මෙම නව නිර්මාණය සිදු කළ බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

එම ජංගම දුරකථන යෙදවුම මඟින් කොවිඩ් අවදානම් සහිත පුද්ගලයින් දුර සිට හඳුනාගත හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියේය.

එමෙන්ම ජනතාව සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට මෙම යෙදවුම මඟින් කාර්යය රැසක් ඉටු කර ගත හැකි බව ද පැවසේ.

මෙම යෙදවුම වෙනත් රටවල් සඳහා ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට භාරදීමට ඉදිරියේදී කටයුතු කරන බව, චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

Related items

යුද හමුදාවේ 71ට උසස්වීම් නව අයෝජන සඳහා යුරෝපා සංගමයෙන් යහපත් ප්‍රතිචාර

Latest News