උමාඔය පාරිසරික තර්ජනයක් නැතැයි හෙළිවෙයි

නොවැ 13, 2018

    උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පාරිසරික තර්ජන යළි මතු නොවන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නිසි අධ්‍යයනයකින් තොරව ඇතැම් ඉදිකිරීම් සිදු කිරීම නිසා, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මීට පෙර ගැටලු ඇතිවී තිබුණි.

    විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය විය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවූ ගැටළු පිළිබඳ අධ්‍යයනයෙන් පසු තත්වය මෙහි දී ප්‍රකාශ කෙරුණි.

    ඒ වෙනුවෙන් පත් කළ කමිටුවේ සභාපති අචාර්ය ජගත් ගුණතිලක මහතා පැවසුවේ, උමාඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ දී ඇතැම් පරිසර ගැටළු මතුවුවත්, එය නොසලකා විදේශීය කොන්ත්‍රාත් සමාගම් ඉදිකිරීම් සිදුකර ඇති බවයි.

    ප්‍රධාන වේලි දෙක, භූගත විදුලි බලාගාරය, කිලෝ මීටර 15 දිග උමංග පද්ධතියය ව්‍යාපෘතියේ ප්‍රධාන ඉදිකිරීම් වනවා.

    ඒවා, සැලසුම් කළ තත්වයට වඩා වෙනස් ස්වරූපයකින් ඉදිකළ යුතු බවයි, විශ්ව විද්‍යාල අධ්‍යයනයේ දී අවධානය යොමුවී ඇත්තේ.

    එමෙන්ම, භාවිත කළ යුතු යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය ආදිය පිළිබඳව ද අධ්‍යයනයට ලක්වී තිබේ.

    විශ්වවිද්‍යාලයීය සක්‍යතා අධ්‍යයනයට අනූව අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයකින් ව්‍යපෘතිය නිම කිරීමට සිදුවන බවයි, මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරුණේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts  සමග එක්වන්න..

    Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 10:41

    Latest News