මන්නාරම, පේසාලේ ප්‍ර‍දේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. පාර්සල් 29 ක මේවා අසුරා තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ.

අයිස් හා හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10.28 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තරුණයකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.31ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2.6කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන ආ ලාඕස් ජාතිකයෙකු අද කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සමග ඉන්දීය ජාතිකයෙක් අද උදෑසන 8.30ට පමණ කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.

වැල්ලම්පිටිය,නාගහමුල්ල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමෙන් දී අයිස් ග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News