වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි. එම උතුම් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

1. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම.
2. ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
3. බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම.
4. පසුවස් පවාරණය කළ යුතු දිනය වීම.
5. චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම.
6. අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම.

යනාදී කරුණු රැසක්ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබෙනවා.

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතෙරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙරට මෙන්ම ලොව පුරා සියලු බෞද්ධයෝ අද දිනයේ විවිධ පින්කම් වල නිරත වනවා.

නාවලපිටිය අධ්යාපන කලාපයට අයත් රඹුක්කන මධ්ය මහා විද්යාලයේ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.
ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානය සමග ගිවිසුමකට එළඹීමට ඊශ්රායල කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඔහිය සහ ඉඳල්ගස්හින්න අතර ප්‍රදේශයේදී පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම විභාගය ලබන 22 දා තෙක් කල්යයි.
දෙණියායේ සිට කොළඹ බලා ගමන් ගත් මගී බස් රථයක් අද (17) අලුයම 3.40 ට පමණඅනතුරකට ලක්වී තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයට, දියතලාව ප්රදේශයේ දී පස් කන්දක් කඩාවැටී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන සදුදා තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබා දුන් ප්‍රතිඥාවට අනුව එම අතුරු කමිටුවේ කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.
අද (13) දිවයිනේ බොහෝ ප්රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදත් වැස්ස

නොවැ 10, 2023

අද (10) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඊශ්රායල් හමාස් යුද ගැටුම් හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මේ වන විට මතුව ඇති බවයි, විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. ගෝලීය ආර්ථික සංවර්ධනයට ද බරපතල ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බවයි, ලෝක බැංකුව ප්රකාශ කරන්නේ.

යුද ටැංකි යොදා ගනිමින් උතුරු ගාසා තීරයේ සීමිත ‍ගොඩබිම් මෙහෙයුමක් සිදු කළ බව, ඊශ්‍රායල හමුදාව පවසනවා.

හලාවත වෙරළ උද්‍යානයේ පහසුකම් නොමැතිවීම හේතුවෙන් තමන්ට මේ වන විට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි, ජනතාව පවසනවා.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රධානතම අංගයක් වූ දිය කැපීමේ චාරිත්‍රය, අද අලුයම් කාලයේ දී ඉටු කෙරුණා. ඒ, ගැටඹේ මහවැලි ගංදිය කපනා තොටදී.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය.

‍යොවුන් සංචාරක රූ රැජින  තරගාවලියේ ජයග්‍රාහිකාව වූ නෙළුනි සෞන්දර්යා මෙනවිය අද දිවයිනට පැමිණියා. 

ඉන්දියාව සිය තුන්වන චන්ද්‍ර මෙහෙයුමේ වික්‍රම් ලෑන්ඩර් සහ ප්‍රග්‍යාන් රෝවරය සඳ මතට ගොඩබෑම අද පස්වරුවේ සාර්ථකව සිදුකෙරුණා.

ඉන්දියාව සිය තුන්වන චන්ද්‍ර මෙහෙයුම සඳ මත පතිත කිරීමට තව ඇත්තේ පැයකිහිපයක් පමණි. “චන්ද්‍රයාන්-3” සාර්ථක වුවහොත්, සඳෙහි මෙතෙක්  ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩබස්වන පළමු රට ඉන්දියාව වනු ඇත.

චන්ද්‍රයාගේ දක්ෂිණ අර්ධගෝලයට සඳ ගවේශණ යානයක් ගොඩබස්වන ලද ලොව පළමු රට බවට පත්වීමේ අරමුණින් ඉන්දියාව විසින් කක්ෂ ගත කළ චන්ද්‍රයාන් 3 සඳ ගවේශණ යානය නියමිත වේලාවට ගොඩබැස්වීමට සියල්ල සූදානම් බව, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවසනවා. 

Latest News