"ගෝලීය සංවර්ධනය: පොදු මෙහෙවර සහ ක්‍රියා වටිනාකම" තේමාවෙන් වියතුන්ගේ මාධ්‍ය සංවාදය චීනයේ බෙයිජිං හිදී පැවැත්වෙයි.
ලොව රටවල් රැසක් දරුණු ආර්ථික අවපාතයන්ට ලක් වෙමින් තිබෙනවා. ලොව ධනවත්ම රට ලෙස සැලකෙන “ලක්සම්බර්ග්” හි උද්ධමනය මේ වසරේ මැයි මාසය වන විට සියයට 6.8 දක්වා ඉහළ ගොස් ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.
යුක්රේනයේ, නැගෙනහිර ප්‍රදේශ රැසක යුද ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවා. නැගෙනහිරදිග ප්‍රාන්තයක් වන ඩොනෙට්ස්ක්හි ආණ්ඩුකාරවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වහාම එම ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙසයි.
සෝමාලියාවේ "ව්‍යසනකාරී ආහාර අනාරක්ෂිතතාව" හේතුවෙන් දරුවන් දහස් ගණන් මියගොස් තිබෙන බව, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසනවා.
තුර්කියේ පසුගිය මස උද්ධමනය සියයට 80 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දශක දෙකකට පසු එරටින් වාර්තා වූ ඉහළම උද්ධමන අනුපාතය මෙයයි.
අමෙරිකාවේ නිදහස් දින පෙළපාලියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 6 දෙනෙකු මියගොස් තිබේ. තවත් 24 දෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ.
2008 ජුනි මාසෙන් පසු එක්සත් රාජධානියේ ඉහළතම උද්ධමන අනුපාතය මෙම වසරේ ජුනි මාසයේ වාර්තා වී තිබේ.
ඩෙන්මාකර්යේ අගනුවර වූ කෝපන්හේගන් හි සාප්පු සංකීර්ණයක් තුළ සන්නද්ධ පුද්ගලයෙක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි, ඩෙන්මාර්ක් බලධාරීන් පවසයි.
නිරිත දිග පකිස්තානයේ, බලුකිස්තාන් ප්‍රාන්තයේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් 19ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දැඩි ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා.
ඉන්දියාවේ ඊශාන දිග ප්‍රදේශයේ පසුගිය සතියේ සිදුවූ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රුසියානු හමුදාව යුක්රේනයේ දකුණු "ඔඩේස්සා" නගරයට එල්ල කළ මිසයිල ප්‍රහාර ගණනාවකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මගින් සුඩානයට ආහාර සහනාධාර කප්පාදු කිරීම හේතුවෙන් එරට මිලියනයකට අධික පිරිසක් අනාරක්ෂිත තත්ත්වයකට මුහුණපා ඇතිබව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශයේ නාය අනතුරකින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.
හොංකොං යළි මව්රටට එක්වීමේ 25 වැනි සංවත්සර සැමරුම් උළෙල හොංකොං හි ප්‍රධාන සම්මන්ත්රණ ශාලාවේ දී අද උදේ පැවැත්වුණා.
ජපාන, ඉතිහාසයේ ඉහළම උෂ්ණත්වය අද (29) වාර්තා වුණා.
නිරිතදිග කොලොම්බියාවේ සිරකඳවුරක් තුළ හටගත් ගින්නකින් රැඳවියන් 49 දෙනෙකු මියගොස් තිබෙනවා.
තුර්කිය, ස්වීඩනය හා ෆින්ලන්තයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා සහයෝගය ලබාදීමට එකඟවී තිබෙනවා.