නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ අරමුණින් සාකච්ජා පැවැත්වීමට සූදානම් බව යුක්‍රේනය පවසයි. ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, සාම වැඩපිළිවෙළේ කොටසක් ලෙස තමා ඊට සූදානම් බවයි.

රුසියානු හමුදාව යුක්‍රේනයේ රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 34කට ප්‍රහාර එල්ල කර තිබේ.

යුක්‍රේනයේ සටන්වදින විදෙස් රටවල පුද්ගලයින්ට රුසියාව විසින් අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

යුක්‍රේනයේ මරියාපෝල් මාතෘ හා ළමා රෝහලට රුසියානු හමුදා විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරය හෙළා දකිමින් මෙය යුධ නීති උල්ලංඝනය කිරීමත් බවයි, අමෙරිකාව පවසන්නේ.

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනාගේ සහ අවට රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර තානාපති මට්ටමින් මේ වන විට ගෙන ඇතැයි විදේශ ආමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

රුසියාව ඊයේ එල්ල කළ ප්‍රහාරවලින් තම රටේ 137 දෙනෙකු මියගොස් ඇති බව යුක්‍රේන රජය පවසයි. 

රුසියාව සහ යුක්‍රේනය අතර පවත්නා දේශපාලන අර්බුදය හමුවේ යුක්‍රේනයේ ඉන්දීය ජාතිකයන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා විශේෂ ගුවන් යානයක් යොදවා ඇතැයි, ඉන්දීය රජය පවසයි.

යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා පැවැත්වීමට සූදානම් බව,රුසියාව පවසයි. බටහිර රටවල් විසින් දෙරට අතර අර්බුදයක් ඇති කිරීමට මානබලන බවයි, රුසියාව පවසන්නේ.

රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කළ හොත් නැගෙනහිර යුරෝපයේ නේටෝ හමුදා ශක්තිමත් කිරීම සඳහා තම හමුදා භට ඛණ්ඩ සීරුවෙන් තැබීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානමින් සිටින බවට අමෙරිකාව රුසියාවට චෝදනා කරනවා.

Latest News