අභියෝග රැසකට මුහුණ දෙමින්, යුද ගැටුම් මැද යුක්‍රේනය, අද සිය නිදහස් දිනය සමරනවා. ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි රුසියාවෙන් ඉල්ලා සිටින්නේ නිදහස් දින සැමරුමේ දී සිය වැසියන්ට එහි අර්ථය නිසි ආකාරව විඳ ගැනීමට  ඉඩහසර සලසා දෙන ලෙසයි.

යුක්‍රේනයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය හේතුවෙන් අවි ආයුද නීතිගත කිරීමට පියවර ගන්නා බව, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා.

යුක්‍රේනයේ, නැගෙනහිර ‍‍ප්‍රදේශ රැසක යුද ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවා. නැගෙනහිරදිග ප්‍රාන්තයක් වන ඩොනෙට්ස්ක්හි ආණ්ඩුකාරවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ,   වහාම  එම ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙසයි.

බටහිර රටවලින් යුක්‍රේනයට ලබාදුන් යුධ අවි රැසක් ගබඩාකර තිබූ ස්ථානයකට පහරදී විනාශ කළ බව, රුසියාව ප්‍රකාශ කරනවා.

අමෙරිකාව යුක්‍රේනයේ යුද කටයුතු සදහා ඩොලර් මිලියන 150ක ආධාර ලබාදිමට පියවර ගෙන තිබේ.

රුසියානු ගුවන් හමුදාව ඉකුත් පැය 24 තුළ යුක්‍රේනයේ හමුදා ඉලක්ක 39කට ප්‍රහාර එල්ල කර තිබේ. ප්‍රහාරවලින් යුක්‍රේන හමුදාවට දැඩි හානි සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය අද (28) දිනයේ සිට තවත් මාසයක කාලයක් දක්වා ගාස්තු ගෙවීමකින් තොරව දීර්ඝ කර තිබේ.

යුක්‍රේනයේ, මරියුපෝල් නගරයේ රුසියානු හා යුද කටයුතු තාවකාලිකව අත්හිටුවීමේ දින ගණන මේ වන විට අවසන් වී තිබේ. 

යුක්‍රේන ආර්ථිකයට දැරිය නොහැකි තරම් එරට දළ දේශීය නිෂ්පාදනය පහත වැටී ඇති බව වාර්තා වෙයි. ලෝක බැංකුව නිකුත් කර ඇති නවතම වාර්තා අනූව මේ වසරේ දී 45.1%කින් පමණ යුක්‍රේන ආර්ථිකය පහත වැටෙනු ඇතැයි ප්‍රකාශ කර තිබේ.

නැගෙනහිර යුක්‍රේනයේ හමුදා බලය වැඩි කිරීමට එරට පියවර ගෙන තිබේ. රුසියාවෙන් යළි ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම මෙහි අරමුණයි.

Latest News