බරපතල අපරාධවලට වැරදිකරුන් වී, සිර දඬුවම් ලබා, මෑතකාලීනව නිදහස් වූ, රුසියාවේ හිටපු සිරකරුවන්, යුක්‍රේන යුද්ධය සඳහා සටන් වැදීමට, රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින්, එරට නීති සංශෝධන කර තිබෙනවා.

යුක්‍රෙ‍්නයේ කියෙව් අගනුවර මේ වන විට උග්‍ර පානීය ජල හිඟයක් ඇති වී තිබෙනවා.

රුසියාවට එරෙහි සටනේදී යුක්රේන හමුදාව ශක්තිමත් කිරීමට පුහුණුව ලබා දෙන බව ඕස්ට්‍රේලියානු රජය පවසනවා.

ඉකුත්  සති කිහිපය පුරා රුසියානු රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර යුක්‍රේනයේ විදුලිබල පද්ධතිය සහ බලාගාර ඉලක්ක කර ගෙන එල්ල කෙරුණා

යුක්රේනයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා විසින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවට යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි චෝදනා කරනවා.

යුක්‍රේනය සහ රුසියාව යා කෙරෙන ප්‍රධාන පාලමට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් පාලමේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

යුක්‍රේන කලාප 4ක් තම රටේ භූමි ප්‍රදේශයට ඈදා ගත් බව, රුසියානු ජනාධිපතිවරයා පවසනවා. මෙම කලාප 4ට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත්, තම රටේ භූමි ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයක් සේ සලකා එයට ගත හැකි සියුල ප්‍රතිප්‍රහාර දක්වන බව, රුසියානු ජනාධිපතිවරයා අමෙරිකාව ඇතුළු බටහිර රටවලට අනතුරු අඟවනවා.

රුසියානු හමුදාව අත්පත් කර ගෙන සිටින යුක්‍රේනයේ ප්‍රදේශ 4 ක පැවති ජනමත විචාරණය අවසන් වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ජනමත විචාරණයෙන් රුසියාව ජය ලබා ඇති බවයි.

‍රුසියාව යටතට පත් සිය  භූමි ප්‍රදේශ යළි තම  පාලනය යටතට ගැනීමට යුක්‍රේන හමුදාව ක්‍රියා කරමින් සිටියි.

යුක්‍රේනයේ දුම්රිය ස්ථානයක් ඉලක්ක කර රුසියාව එල්ල කළ රොකට් ප්‍රහාරයකින් විසිදෙදෙනෙකු මියගොස් තිබෙනවා.  රුසියාව, යුක්‍රේනය ආක්‍රමනය ආරම්භ කර මාස 6 ක් සම්පූර්ණ වූ ඊයේ දිනයේ ප්‍රහාරය සිදු කිරීම කැපී පෙනෙන සිදුවීමක්.

Latest News