ඉදිරි දිනවලදී දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ 8වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අද සිදු කෙරේ. ඒ මෙරට 7වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහායි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ සවිස්තරාත්මක පුහුණු වැඩසටහනක් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට නයිජීරියානු යුද්ධ හමුදාවේ හය දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මේ වනවිට දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ජපානයේ සිය තුන් දින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (27) රාත්‍රී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින්, “අළු ලේඛනය” ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇත.

දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේ දී ද තවදුරටත් පවතිනු ඇති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2019 ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම ඇතුළත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

යුක්‍රේනයේ "ස්කයිඅප්" ගුවන් සමාගම කොළඹ දක්වා සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක කිරිමට සූදානම් වෙයි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු අද සිට මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර තිබේ.

Latest News