පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යෝජනා කර ඇති සාමාජිකයින්ගේ නම් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වෙයි.

ලෝක බැංකුවේ ණය සහන මත ඇමරිකානු ඩොලර් මිලියන 200ක වියදමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති හැඩිවික් ෂැපර් මහතා අද (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා හමුවී තිබේ. ඒ අරලියගහ මන්දිරයේදී.

ලෝකයේ මව්කිරි දීමේ ප්‍රවණතා ඇගයීම් වැඩසටහන මගින් කළ සමීක්ෂණයක දී ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. ඒ අනූව ශ්‍රි ලංකාවට හරිත වර්ණ කේතය පිරිනමා ඇති බවයි සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පවසන්නේ.

කරුණු 35ක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුතු බව, දෙස් විදෙස් සංචාරක වෙබ් අඩවි කිහිපයක් මත පළ කොට තිබේ.

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ලෙස 2020 ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානය අපේක්‍ෂා කරයි. මෙය ශී‍්‍ර ලංකා ටුවින්ස් (Sri Lanka Twins) ලෙස නම් කර ඇත.

ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමෙන් වසර 9කට පසු විදෙස් රටක් ලෙස ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක් සඳහා පකිස්ථානයට ඊයේ ළඟාවිය.

ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා අද (09) උදෑසන දිවයිනට පැමිණියේය.

13 වැනි දකුණු ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 1500 දිවිමේ තරගයෙන් නිලානි රත්නායක රන් පදක්කම හිමිකර ගනී.

Latest News