ඊශ්රායලය ගාසා තීරයේ රෆා ප්රදේශය වෙත ප්රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ සටන් විරාම ගිවිසුමකට හමාස් සංවිධානය පල කළ එකඟතාව ප්රතික්ෂේප කරමින්.
ගාසා තීරයේ රෆා නුවර, යුද මෙහෙයුමට දින නියම කර ඇතැයි, ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයේ රෆා නගරය වෙත සැලසුම් කර ඇති යුද මෙහෙයුම ක්‍රියාත්මක කළහොත්, එය මිනිස් සංහාරයකට අත වැනීමක් බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ඊශ්රායල ප්රහාරවලින් ගාසා තීරයේ රෆා නගර වැසියන් දැඩි ජීවිත තර්ජන වලට මුහුණ දී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
දකුණු ගාසා තීරයට එල්ල වන ඊශ්රායල ප්රහාර හමුවේ පලස්තීනුවන් දහස් ගණනක පිරිසක් රෆා පිවිසුම් ප්රදේශයට පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. විදෙස් මාධ්ය සඳහන් කරන්නේ, මේ වන විට එම ප්රදේශයට ආහාර සහ විදුලිය නොමැති අතර, ජනතාව උග්ර ජල හිගයකටද මුහුණපා සිටින බවයි.

Latest News