කොවිඩ් 19 රෝගයෙන් පූර්ණ සුවය ලබා දිනක් තුළ රෝහල්වලින් පිටව ගිය වැඩිම පිරිස ඊයේ වාර්තා විය.

කොවිඩ්-19 ආසාදිත රෝගීන් 3,547ක් ඊයේ දිනයේ මෙරටින් හඳුනා ගැනිණ. ඉන් ආසාදිතයන් 09 දෙනෙකු විදේශ ගතව මෙරටට පැමිණි පුද්ගලයන් ය.

කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි 28 හැවිරිදි ගර්භනී මවක් කුරුණෑගල රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබේ.

අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දාසය කෝටි 18 ලක්ෂ 24,000 ඉක්මවා ගොස් තිබේ. ගතවූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 7 ලක්ෂ 43,000ක්.

මෙරටින් ඊයේ (05) දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,939 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1,923 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

පවතින කොවිඩ් නව ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව හා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 1,379 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 969 දෙනෙක් හඳුනාගෙන තිබේ.

මෙරට කොවිඩ් 19 රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තීරණාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Latest News