අමෙරිකාවේ බටහිර වෙරළ තිරය ආශ්‍රිතව ඇතිවූ ලැව්ගිනිවලින් මියගිය පිරිස 33 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

උතුරු කැලිෆෝනියාවේ ප්‍රබල ලැව්ගින්නට හේතුවී ඇත්තේ, අසළ පිහිටි විදුලි රැහැනකට හානි වීමෙන් බව, වාර්තා වෙයි. ගින්නෙන් පවුල් 50,000ක් පමණ සිය නිවෙස්වලින් ඉවත් කර තිබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත ගණනාවක හට ගෙන ඇති ලැව්ගිනි තත්වය, මේ වන විට විශාල ප්‍රදේශයක් දක්වා පැතිර ගොස් තිබේ.

Latest News