ෆ්ලොරීඩා ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් FBI හෙළිකරයි

දෙසැ 09, 2019

    අමෙරිකාවේ ෆ්ලොරීඩාහි නාවික කඳවුරක ඉකුත් සිකුරාදා සිදුවු මාරාන්තික ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සළකන බව, එෆ්.බී.අයි.ආයතනය නිවේදනය කර තිබේ.

    අදාළ ප්‍රහාරයෙන් නාවික භටයින් තිදෙනෙක් මියගිය අතර, තුවක්කුකරු ද සිය දිවි හානිකර ගත්තේය. ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බවට පරීක්ෂණ මගින් අනාවරණය වූ බව ප්‍රකාශ කළේ එෆ්.බී.අයි.ආයතනයේ විශේෂ නියෝජිත රේචල් රොජාස් විසින්. ප්‍රහාරය තනිව සිදුකළ එකක් ද නැතහොත් කිසියම් කණ්ඩායමක සහාය ඇතිව සිදුකළ එකක් ද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි, වාර්තා වන්නේ.

    අදාළ වෙඩික්කරු සමග සිටි සෙසු සෞදි සිසුන්ගෙන් ප්‍රශ්න කර ඇති නමුත්, ඔවුන් අත්අඩංගුවට ගෙන නැත. කෙසේ වෙතත් 21 හැවිරිදි මෙහොමඩ් අල් - ෂම්රානි නමැති තුවක්කුකරු තම ආයුධය නිත්‍යානුකුලව අමෙරිකාවේ දී මිල දී ගත් එකක් බව වාර්තා වෙයි. එය මිලි මීටර 9ක ගිනි අවියක්. ප්‍රහාරය සිදු කිරීමට පෙර දින රාත්‍රී භෝජනය ලබාගන්නා අවස්ථාවේ ප්‍රහාරකයා සමූහ වෙඩි තැබීමේ වීඩියෝ දර්ශන සිය සගයන් වෙත පෙන්වා ඇති බව ද පරීක්ෂණ කටයුතුවල දී හෙළිවී තිබේ.

     

     

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 10:50

    Latest News