හමුදාපති ධූරයට ප්‍රථම වරට කාන්තාවක්

නොවැ 28, 2018

    ස්ලොවේනියාවේ හමුදාපති ධූරයට ප්‍රථම වරට කාන්තාවක් පත් කෙරුණා.

    නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අයත් රටක කාන්තාවක් හමුදාපති ධූරයට පත්වූ පළමු අවස්ථාව මෙයයි. නව හමුදාපති ලෙස පත්ව සිටින මේජර් ජෙනරාල් ඇලෙන්කා අර්මෙන්ස් හෙට ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතයි.

    දැනට එරට හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස ක්‍රියාකරන 55 හැවිරිදි අලෙන්කා ලන්ඩනයේ රාජකීය ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. පසුව ඇය, කිංග්ස් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලබාගත්තා.

    ඇය, හමුදාපති ධූරයට පත් කරමින් පසුගියදා ස්ලෝවේනියා ජනාධිපති බෝරුට් පහෝර් කියා සිටියේ, නව හමුදාපතිනිය යටතේ, යුද හමුදාව කාර්යක්‍ෂම වනු ඇති බවයි. පැරණි යුගෝස්ලාවියාවට අයත්ව තිබූ ස්ලොවේනියාව 1991 දී නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කෙරුණා.

     ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බ්‍රහස්පතින්දා, 29 නොවැම්බර් 2018 20:26

    Latest News