ද්විපාර්ශවික සබඳතා නැංවීමට ඉන්දීය රජයෙන් ප්‍රතිඥා

නොවැ 28, 2018

    ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා දැඩි ලෙස කැපවී සිටින බව, ඉන්දීය රජය පවසනවා.

    තමන් ක්‍රියා කරන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා හා තෝරා ගැනීම් මත පදනම්ව බව ද, ඉන්දියාව අවධාරණය කරනවා. කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එරට ආධාර යටතේ ක්‍රියාත්මක හදිසි ගිලන් රථ සේවාවේ ප්‍රගතිය ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    කෙටි කලකින් මේ සේවාව දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට ආධාර ලබාදෙන බවයි, මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ. දැනටමත් පළාත් 7ක මේ සේවාව ක්‍රියාත්මකයි. නැගෙනහිර හා සබරගමු පළාත්වල ද ගිලන්රථ සේවාව ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය අපේක්‍ෂා කරනවා.

    ඊට වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 15කට අධිකයි. දැනට ගිලන් රථ 209ක් ඉන්දියාවෙන් ලබාදී තිබෙනවා. සේවාව ක්‍රියාත්මක කෙරෙන්නේ, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම හා අවශ්‍යතාව මත බව ද, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බදාදා, 28 නොවැම්බර් 2018 19:12

    Latest News