ට්‍රම්ප් පුටින් සාකච්ජා අවිනිශ්චිතයි

නොවැ 28, 2018

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ද්විපාර්ශවික සාකච්ජා ඇතිවීම අවිනිශ්චිත බව, වාර්තා වෙයි.

    යුක්‍රේනය හා රුසියාව අතර ඇතිවී තිබෙන නාවික අර්බුදය ඊට හේතුව බව, අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියි. පසුගියදා රුසියාව කර්ච් සමුද්‍ර සංධියේ දී යුක්‍රේන යාත්‍රා තුනකට පහර දී අල්ලා ගනු ලැබීය.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වොෂිංටන් පෝස්ට් පුවත් පතට පවසා සිටියේ, මෙම සිදුවීම පිළිබඳව පූර්ණ වාර්තාවක් තමන්ට ලැබෙන තුරු බලා සිටින බවයි. දෙරටේ නායකයින් දෙදෙනා අතර හමුවක් බුවනෝස් අයර්ස්හි දී පැවැත්වෙන ජී. සමුළුවට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබේ.

    මේ අතර අමෙරිකා එක්සත් ජනපදය යුරෝපීය රටවලින් යුක්‍රේනයට සහය දක්වන ලෙස ඉල්ලා සිටී.

    Latest News