මොහොමඩ් නෂීඩ් නිදහස්

නොවැ 27, 2018

    මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට පනවා තිබූ සිර දඬුවම්වලින් ඔහු නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

    ත්‍රස්තවාදී චෝදනා යටතේ වරදකරු කර තිබූ හිටපු ජනාධිපතිවරයා එම චෝදනාවලින් නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය. හිටපු ජනාධිපති මොහොමඩ් නසීඩ්ට එරෙහිව වැරදි සහගත ලෙස චෝදනා ගොනුකර ඇති බවයි, ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ.

    හිටපු ජනාධිපතිවරයාගේ සමස්ත නඩු තීන්දුව දේශපාලන අරමුණින් සිදුවූවක් බවට, ඔහුගේ නීතිඥයින් චෝදනා කර තිබේ. මොහොමඩ් නෂීඩ්ට 2015 වසරේ දී ත්‍රස්තවාදී චෝදනා යටතේ වසර 13ක සිර දඬුවම් නියමර කර ඇත. එහෙත්, ඔහු රටින් පළාගොස් සිටි. හිටපු ජනාධිපති නෂීඩ් යළි මාලදිවයිනට පැමිණෙන්නේ වත්මන් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලි බලයට පත්වීමෙන් අනතුරුවයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News