අගහරුවලින් පෘථිවියට ආ පින්තූරය

නොවැ 27, 2018

    නාසා ආයතනයේ ඉන්සයිට් යානය සාර්ථකව අඟහරු ග්‍රහයා මතට ගොඩබසිනු ලැබීය. එහි ප්‍රථම ඡයාරූපය ද පෘථිවිය වෙතට ලැබී තිබේ.

    ඉන්සයිට් අභ්‍යවකාශ රොබෝ යානය අඟහරු දක්වා සැතපුම් මිලියන 300ක් දුරක් ගමන් කිරීමට මාස 6ක කාලයක් ගත කෙරිණ. අඟහරු මෙහෙයුම් බොහෝසෙයින් අසාර්ථකවීමට හේතුව අවසාන විනාඩි 07 පිළිබඳව විද්‍යාඥයින්ගේ දැඩි උනන්දුවක් පැවතුණි. මීට පෙර යානා කිහිපයක්ම එම කාලය තුළ දී අසාර්ථක වී කඩා වැටුණි. නමුත්, මෙවර මෙහෙයුම සාර්ථක වූ අතර, ගොඩබැසීමෙන් අනතුරුව ඉතාමත් ඉක්මනින් පෘථිවියට ජායාරූපයක් එවීමට ද එය සමත් විය.

    මෙම යානය රාත්තල් 880ක බරකින් යුක්තයි. රොබෝව මගින් අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරය පිළිබඳ ප්‍රධාන වශයෙන් පරීක්ෂණ පැවැත්වෙනු ඇති. එහි දී අඟහරු ග්‍රහයාගේ බාහිර හා අභ්‍යන්තර උෂ්ණත්වය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වනු ඇති.

    Latest News