යුක්‍රේණ යාත්‍රා 03කට ප්‍රහාරයක්

නොවැ 26, 2018

    කළු මුහුදේ නාවික ගමනා-ගමනය සම්බන්ධයෙන් රුසියාව හා යුක්‍රේනය අතර උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ.

    එය උද්ගත වූයේ රුසියාව, කර්ච් සමුද්‍ර සන්ධියේදී යුක්‍රේණ යාත්‍රා 3කට පහරදී අල්ලා ගැනීමෙන් අනතුරුවයි. රුසියාව හා යුක්‍රේණය අතර, 2003 වසරේ දී අත්සත් තැබුණු ගිවිසුමට අනුව කර්ච් සමුද්‍ර සන්ධිය අවට ප්‍රදේශයේ නාවික ගමනා-ගමනය දෙපාර්ශ්වයටම පොදු කරුණක් ලෙස සළකනු ලැබුවා.

    පසුව රුසියාව කර්ච් පාලම ඉදි කළා. යුක්‍රේණ යාත්‍රා අනවසරයෙන් තම නාවික ප්‍රදේශයට ඇතුලු වූ බවයි රුසියාව චෝදනා කරන්නේ. තම බෝට්ටු දෙකකට සහ ටග් යාත්‍රාවකට රුසියාව පහරදුන් බව යුක්‍රේණය කියා සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් යුක්‍රේණයේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ විරෝධතාවක් පැවැත්වුණා.

    යුක්‍රේණ ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ පවසන්නේ රට තුල යුද නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි. තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය හදිසි සැසිවාරයක් කැඳවා තිබෙනවා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News