සංගමයෙන් ඉවත්වීමට යුරෝපා නායකයින් එකඟයි

නොවැ 26, 2018

    බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ එකඟතාව තුළින් තම රටට වඩා යහපත් අනාගතයක් උදාවන බව, බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ පවසයි.

    ඒ සඳහා ජනතාවගේ සහය ද අපේක්ෂා කරන බවයි, ඇය කියා සිටින්නේ. මෙම එකඟතාව, මහා බ්‍රිතාන්‍යයට පුනරුදයක් ඇති කරන්නක් බව, නිවේදනයක් නිකුත් කරමින් තෙරේසා මේ කියා සිටී.

    බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දළ කෙටුම්පතට යුරෝපා නායකයින්ගේ අනුමැතිය හිමිව ඇති බවයි, යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටක්ස් කියා සිටියේ. ඒ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති සාකච්ජාවකින් අනතුරුවයි. ඒ අනූව, බ්‍රිතාන්‍ය ලබන වසරේ මාර්තු 29 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතයි.

    Latest News